මේක සිංදුවක්
මේක අහල තියෙන අයත් ඇති. මේකෙ සංගීතය හා ගායනය නදීක ගුරුගේ, මට මතක විදිහට මේක රචනා කරෙත් නදීක. මම මේක මුලින්ම ඇහුවෙ දැනට අවුරුදු තුනකට හතරකට ඉස්සෙල්ලා බිෂොප් එකේ අපි (කසුන්, ඉන්ද්‍රචාප, නදීක ගුරුගේ, නදීක ජයවර්ධන, ලෙලුම් රත්නායක…) කරපු unplugged concert එකේදි.
අහලම බලන්නකෝ…
වේදිකාවේ අසුනකට බර වී…
දහසක් නෙතු අතරේ අතරමං වී…
ආදරේ කියා දෙන්න බෑ… රෝමියෝ…
ශිෂ්ටාචාරේ මානවයා හා…
ශිෂ්ටාචාරේ ගැහැණී… එක්වෙලා…
අනාගතේහි ඉතිහාසය ගොඩනගනා දා…
වැගිරෙයි දිය වී ආදරේ… රෝමියෝ…
වේදිකාවේ අසුනකට බර වී…
දහසක් නෙතු අතරේ අතරමං වී…
ආදරේ කියා දෙන්න බෑ… රෝමියෝ…
දෙතොලේ ඔබ රැඳී දහසක චුම්බන පිසදා..
කොපුලේ ඇගෙ තැවරුණු දහසක ඛේටය පිසදා…
සිපගනිම් දහසකුත් පළමු නැවුම් චුමිබනයෙන්…
ගොඩගනිම් ආයෙමත් මැද ඉඳන් ජීවිතේ… රෝමියෝ…
වේදිකාවේ අසුනකට බර වී…
දහසක් නෙතු අතරේ අතරමං වී…
ආදරේ කියා දෙන්න බෑ… රෝමියෝ…





















මම බොහෝම ආසා සින්දුවක්
නමුත් සෑහෙන කලකින් අහන්න ලැබුනෙ නෑ
පල කලාට ස්තුතියි චාමර
හරිම ආශාවෙන් රසවිඳපු සිංදුවක් ඉස්සර කැම්පස් යන කාලෙ, පුදුමයි ආයෙත් අහන්න ලැබුනම බොහෝ දේවල් මතකෙට නැගුනා… මේක ගැන අම්බානෙක අපි වාද කරගත්තා මතකයි.ස්තූතියි චාමර.. මේක නිතර අහන්න බාගත කරගන්න පුළුවන් තැනක් හෝ, ඇල්බමයේ නම මතකද?
no album as far as i can remember, but i have this song at home
I was looking for this song long time a go.
what a surprise, now i have accidentally visited this site via another site and here the song with lyrics.
anyway is there any way to download the original version?
thanx
සිංදුව අහන්න බෑනෙ… පුළුවන් නම් දෙන්න ලොකු දෙයක්..